පුලස්ථි පුරවරය නොහොත් පොළොන්නරුව
අදින් වසර හතලිස් දහකට පෙර මේරට සිටි පුලස්ථි රිශිතුමා එතුමාගේ අසපුව පිහිටියේ අතිතයේ පුලස්ථි පුරවරය ලෙසින් හැදින්වුණු වර්ථමානයේ පොළාන්නරුව ප්‍රදේශයයි . වර්ථමාන පොළොන්නරුව යනු හෙළ ඉතිහාසයේ ( එනම් අපි දැන් කතා කරන විජය නම් රජ පෙළ පතින් -පැවත එන දෙදහස් පන්සියයක ඉතිහාස රාමුවට අණුව ) දෙවන රාජධානියයි . පුලස්ථි පුරවරය නොහොත් පොළොන්නරුවේ අපේන් සැගව ගිය හෙළ ඉතිහාස කතා සහ ස්ථාන බොහොමයක් තිබෙන අතර තවත් බොහොමයක් ස්ථාන පස් යට වැළලි ගොස් ඇත . වැළලිගිය අපේ හෙළ ඉතිහාසය මතු කරන්න එය සමාජගත කරන්න වැරදුන ඉතිහාස කරුණු නිවැරදි කරන්න මේ හෙළ භුමියේ ඉපදුණු සැම කෙනෙකුටම අයිතියක් සහ වගකිමක් තිබෙනවා . පොත්ගුල් විහාරය පොත්ගුල් විහාරය පිහිටා තිබෙන්නේ පැරණි පොළොන්නරු රජධානියේ සිට වැව් බැම්ම ඔස්සේ දකුණු දෙසට ගමන් කිරිමේදි මනස්කාන්ත පරිසරය පිහිටි පොත්ගුල් විහාරය හමු වේ . මේ විහාරය අසලම ශයිලමය පිළිමයක් තානා තිබේන අතර මේ පිළිමය පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව ලෙසත්, පුල්ස්ථි රිශිතුමාගේ පිළිරුව ලෙසත් යන මත දෙකම සමාජගත වි තිබෙන අතර මාගේ විශ්වාසය සහ මගේ මතයන...